මෙරට ප්රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසි නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මහා කුඩු ජාවාරමක් වටලා මත්කුඩු ග්රැම් හතක් සමග ඔහුගේ සමීපතමයකු වන අහංගම කුඩු සූරි ඇතුලු තවත් දෙදෙනෙකු මීටියාගොඩ පොලිස් බල ප්රදේශයේදි අද (31) සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය කියයි.
සැකකරුවන් මත්කුඩු ජාවාරම මෙහෙයවීමට භාවිතා කල ජංගම දුරකථන හතරක්ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කුඩු සූරි ළග තිබී මත්කුඩු ග්රැම් දෙකක්ද ඔහු විසින් අලෙවි කරන ලද මත්කුඩු ග්රැම් පහක් අනෙක් සැකකරුවන් දෙදෙනා ළග තිබී සොයා ගත් බව එම ඒකකය කියයි.
සැකකාර අහංගම කුඩු සූරි නමැත්තා අහංගම සිට කුඩු අලෙවි කිරීමට මීටියාගොඩට පැමිණ සිටියද සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු සමග අත්අඩංගුවට ගැණුනු මේ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශනය සදහා ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය විසින් මීටියාගොඩ පොලීසියට භාරදි ඇත.
ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි. බාලේන්ද්රසීහ,පොලිස් පරීක්ෂක ජයසිංහ,පොලිස් සැරයන් රන්ජිත්,පොලිස්කොස්තාපල් තරංග යන නිලධාරීහු මේ වැටලීම සිදු කලහ.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත