මහර බන්ධනාගාරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රැඳවියන් විසින් එහි තිබූ බොහෝ දේපළ විනාශ කර ඇති බවත් රැඳවියන් විසින් තවදුරටත් යම් යම් ක්‍රියා සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“ඊයේ සවස් කාලයේදී මහර බන්ධනාගාර රැඳවියන්ගේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. රිමාන්ඩ් බන්ධනාගාර ගත රැඳවියන් මෙම තත්ත්වය මුලින්ම ඇතිකර ඇති බව වාර්තා වෙනවා. පසුව එය කැරැල්ලක් ස්වාභාවෙයන් වර්ධනය වී තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් යම් ආකාරයකට රැඳවියන්ගේ පාලනයට නතු කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. බන්ධනාගාරය බිඳගෙන පිටතට යාමට යම් උත්සාහයක් දරා ඇති බවට වාර්තා වෙනවා.
එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරී ඊයේ සවස සිට මේ දක්වා විටින් විට බලය භාවිත කිරීම් සිදුකරනු ලැබුවා. මෙම බලය භාවිත කිරීම් වලින් රැඳවියන් 6ක් මියගොස් 35ක් තුවාල ලබා තිබෙනවා.
රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙසේ තුවාල ලැබූ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව සපයමින් තිබෙනවා. නමුත් ඇතුළත සිටින සිරකරුවන් විසින් යම් යම් ක්‍රියා සිදුකරන බවට වාර්තා වෙනවා. ඇතුළත ඇති බොහෝ දේපළ ඔවුන් විසින් විනාශ කර ඇති බව වාර්තා වෙනවා.”