අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්රී අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නැරඔුම් කුළුන මත සිට පිරිත් සජ්ඡායනා පින්කමක් පවත්වන ලදී .
පසුගිය වසරේ 10 මස 21 වනදා දින සිරකරුවන් පිරිසක් විසින් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විරෝධතාවය දැක්වීම සදහාද යොදා ගැනුනේ මෙම කුළුන වන අතර නමුත් එම කුළුන මත සිටම රැදවියන් මෙසේ පිරිත් සජ්ඡායනා කිරීම විශේෂ කාරණයක් විය .
බන්ධනාගාර ගතව සිටින රැදවියන්ගේ මානසික ශක්තිය වර්ධනය කරමින් ඔවුන් යහමගට ගැනීමේ අදහස් ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර මෙය අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි ඒ .ඩබ්ලිව් .එස් , ධම්මික මහතාගේ උපදේශ මත ප්රධාන ජේලර් ප්රදීප් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුභ සාධන නිලධාරි රනිල් මහතා විසින් සංවිධානය කර තිබිණි
හම්බන්තොට - රාහුල් සමන්ත.