ලෝක උරුම රැම්සා තෙත් බිමක් වන බුන්දල ජාතික වනෝද්‍යානයේ කලපුවලට මිරිදිය මිශ්‍ර වීමෙන් සංචාරක පක්ෂීන්ගේ පැමිණීම අඩු වී ඇති බවත්, ඒ හේතුවෙන් රැම්සා තෙත්බිම් ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවත් බුන්දල වනෝද්‍යාන භාරකාර, ආර්.ජී.එස්. රණතුංග මහතා පැවසීය.
වනෝද්‍යානය රැම්සා තෙත්බිම් ලැයිස්තුවට එක් කිරීමට පෙර කාලය හා ඊට පසු කාලය සලකා බැලීමේදී ගත වූ වසර 04ක කාලය තුළ මෙලෙස පක්ෂීන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත්, මෙම තත්ත්වය යටතේ එසේ ලැයිස්තුගත කිරීමට අදාළ සීමාව පසු කරමින් ඔවුන්ගේ පැමිණීම අඩු වුවහොත් ලෝක උරුම රම්සා තෙත්බිම් ලැයිස්තුවෙන් බුන්දල ජාතික වනෝද්‍යානය ඉවත් කිරීමේ අවදානමක් පැන නගින බවත් ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.ජී.එස්. රණතුංග මහතා,
2004 - 2005 වගේ කාලයට කලින් ලංකාවේ බොහෝම හොඳ ෆ්ලෙමින්ගෝස් ඇතුළු සංචාරක පක්ෂීන් ගහනයක් තිබුණා. බුන්දල කලපු පද්ධතියට මිරිදිය ජලය එන්න කලින් මුළු පරිසර පද්ධතියම ඒ අය පාචිච්චි කළා ඒ අයගේ ආහාර සොයා ගැනීම වෙනුවෙන්. ඒ තත්ත්වයයි බුන්දල ලෝක උරුමක් දක්වා ගෙන ගියේ. 1990 අපි රැම්සා සම්මුතිය යටතේ රැම්සා ලැයිස්තුවට එක්වෙනවා.
ඒ කාලවලදී ඉතා හොඳ තත්ත්වයක සංක්‍රමණික පක්ෂීන්ගේ ගහනයක් තිබුණා. ඒ සියලු සංක්‍රමණික පක්ෂීන්ට මේ තත්ත්වය බලපා තියෙනවා. ඇඹිලිගල සහ මලල කියන කලපු දෙක සම්පූර්ණයෙන්ම මිරිදිය බවට පත්වෙලා. ඒකට හේතුව වෙන්නේ කෘෂිකර්මාන්තයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලුණුගම්වෙහෙර ජලාශයෙන් නිකුත් කරන වැඩිපුර ජලය අවසානයේ නවතින්නේ මේ කලපුවේ. එතකොට මේකෙ තියෙන ලවණතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ මුහුදු ජලයට ආසන්න ලවණතාවක් තිබුණු කලපු දැන් මිරිදිය ජලයට බවට පත්වෙලා. මේකත් එක්ක සංක්‍රමණික පක්ෂීන්ට තිබුණු ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ෆ්ලෙමින්ගෝස් වගේ සත්තු ගත්තාම ඒ අය කන විශේෂිත ආහාරයක් තියෙනවා %ආටිමියා^ කියලා. ඒ ඉස්සෙක් වගේ චූටි සතෙක්. මේ ආටිමියා කියන සතා කලපුවේ හැදෙන එක සම්පූර්ණයෙන් මේ තත්ත්වය යටතේ නවතිනවා. ඒත් එක්කම සංක්‍රමණික පක්ෂීන්ගේ පැමිණීම සිදුවන්නේ උෂ්ණත්වය හා ආහාර රටාව එක්ක. සංක්‍රමණය වන පක්ෂීන් එන කාලයක් තියෙනවා. ඒක ගැළපෙන්නේ පිටරටවල ශීත සෘතුවත් එක්ක. ශීත සෘතුවේ ආරම්භය වෙනස් වුණොත් ඔවුන්ගේ පැමිණීමේ කාලයත් වෙනස් වෙනවා. කෑම හොයාගෙන තමයි ඒගොල්ලො අපේ රටවලට එන්නේ. මෙතැන කෑම නැති වුණාම ඒ අය තීරණය කරනවා මෙහෙට ඇවිත් වැඩක් නැහැ කියලා. ඒ අනුව අවුරුදු පතා මේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම අඩු වෙනවා. ෆ්ලෙමින්ගෝස්ලා ගත්තොත් මුලදී ලක්ෂයක් විතර එන සත්තු ටික ටික අඩු වෙලා දැන් එන සංඛ්‍යාව 300ක් විතර වෙනකම් අඩු වෙලා.
සමස්තය ගත්තාම මේ ප්රතිශතම වගේ වෙනස්වීමක පෙන්වනවා. ඒ වගේම තමයි කලපු මිරිදිය බවට පත්වීමත් සමග මිරිදියේ ජීවත් වන පක්ෂි ප්‍රමාණය වැඩි වෙනවා. ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඒක අපට දැනෙන ප්‍රමාණයක් නෙවෙයි. මිරිදියේ ඉන්න ප්‍රමාණය අපි අවුරුද්ද පුරාම දකිනවා.
මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න විශාල මහන්සියක් ගන්නවා. මෙහෙම වෙන්න හේතුව තමයි ඔවුන්ට ආහාර අඩු වීම. එලෙස වන්නේ කලපුවල ලවණතාව අඩු වීම තුළයි. ලවණතාව වෙනස් වීම යථා තත්ත්වයට පත් කළ යුතුයි. ඒ සඳහා අපි දැනට යෝජනා කරලා තියෙනවා ලුණුගම්වෙහෙර ජලාශයෙන් එන වැඩිපුර මිරිදිය වෙනත් මාර්ගයකින් මුහුදට යොමුකර වන්න. නමුත් දැනටමත් මේ පරිසර පද්ධතියේ මිරිදිය තිබීම ගැටලුවක්. මේක නැවැත්වීම පමණක් මේ තත්ත්වයට ප්‍රයෝජනවත් වන්නේ නෑ. ඒක වෙනස් කරන්න අපි කලපුවත් මුහුදත් අතර තියෙන සම්බන්ධතාව යළි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මුහුදේ වතුර යළි කලපුව කරා ගෙන්වා ගත යුතුයි. අපට ලැබන ප්‍රතිපාදනවලින් හැකිතාක් ප්‍රයෝජනයට ගෙන මේ තත්ත්වය යළි සකස් කිරීමයි අපේ අරමුණ.
දැනට තියෙන අවශ්‍ය තත්ත්වයන් සම්පූර්ණ කරන්න අපට නොහැකි වුණොත්, රැම්සා තෙත්බිම් කාණ්ඩය තුළ ඔවුන්ට අපිව තියා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අවදානම දවසින් දවස වැඩි වෙනවා. බුන්දල ජාතික වනෝද්‍යානය තුළ කොහොලංකල, මලල, ඇඹිලිගල, බුන්දල කියලා කලපු 4ක් අපට තියෙනවා. ඒකෙන් බුන්දල වෙනමම තියෙන්නෙ. ඒ කලපුවේ ලවණතාව තවම හොඳ තත්ත්වයක තියෙනවා.