බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 73 දක්වා ඉහළට
බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 73 දෙනෙක් අද (11) වන විට වාර්තා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කොවිඩ් දත්ත ඒකකයෙන් වාර්තා වෙයි .
ඊයේ අළුතින් ආසාදිතයන් දෙදෙනක් වාර්තා වූයේ ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය අයත් දෙමෝදර, උඩුවර වත්තෙන් හා හීල්ඔය බොරලන්දෙනි .
උඩුවර වත්තෙන් හදුනා ගත් 24 හැවිරිදි ආසාදිතයා කොළඹ කොටහේන ප්‍රදේශයේ හෝටලය ක අරක්ඇමියෙක් ලෙස රැකියාව කරද්දී අසාදනයට ලක් ව ඇතැයි අනුමාන කරන අතර ඔහු ඉකුත් 2 වනදා උඩුවර වත්තේ සිය නිවසට පැමිණ ඔහු නිවස තුළම ස්වයං නිරෝධනයට ලක් කර සිටියදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවට අනුව යෙන් අසාදිතයෙක් බවට අද (11) තහවුරු කරගෙන තිබේ .
හීල්ඔය පදිංචි අනෙක් අසාධිතයා 27 හැවිරිදි කාන්තාවකි .
කොළඹ පිටකොටුව ප්‍රෙද්ශයේ ඥති නිවසක සිටියදී කොවිඩ් ආසාදනය වී ඇතැයි අනුමාන කරන අතර හීල්ඔය තම නිවසට පැමිණ සිටියදී කළ පී.සී. ආර් . පරීක්ෂණයේදී කොවිඩ් රෝගියෙක් බව තහවුරුවූවේ යැයි ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
ඔවුන් දෙදෙනාම අද (11) කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීමට පියවර ගෙන තිබිණ .
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

