අප අද භුක්ති විඳින ස්වභාවධර්මයේ දායාදයන් හෙට උපදින දරුවා වෙනුවෙන්ද ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමයි. අපගේ දෙමාපියන් දුටු හරිත පැහැ පරිසරය අද අපට ක්‍රමයෙන් අහිමි වී යමින් තිබේ. එවන් වකවානුවක අපගේ මේ වෑයම පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ අල්ප මාත්‍රයක උත්සාහයක යෙදීමට පමණි.
ඒ වෙනුවෙන් ‘අද’ සෑම බදාදා දිනයක්ම සොබා බදදා ලෙස නම්කර පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් ‘අද’ වෙබ් පිටුවද සෑම බදාදා දිනයකම හරිත පැහැ ගැන්වෙයි. මෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.
එන්න, පරිසරයට ආදාරය කරන්න
ඔබගේ අදහස් හා යෝජනා අපට කියන්න - [email protected]