බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ඊයේ (08) දිනය වනවිට 42 දක්වා ඉහල ගොස් ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.බි.පි. ගුණවර්ධන මහතා පවසයි.
මෙකි ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 650 දෙනෙකු පමණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
ඉකුත් 25 වැනිදින සිට මෙම ඇගලුම් කම්හලෙන් කොරෝනා ආසාදිත රෝගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. මෙකි ඇගලුම් කම්හලෙන් මුලින්ම සේවක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වි තිබු අතර ඉන්පසු සේවක සේවිකාවන් 15 දෙනෙකුට හා 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
දැනට මෙකි ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 150 දෙනෙකු පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන නිරෝධායනය කොට ඇති බවද ඒ මහතා පවසයි.
පසුගිය 03 වැනිදා සිට මෙකි ඇගලුම් කම්හල වසා දැමිමට කටයුතු කරඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.