බදුල්ල සතොස ආයතනයේ කළමණාකාරවරිය හා ආරක්ෂක නිලධාරියෙකු කොවිඩ් අසාදිතයන් බව තහවුරු වීම නිසා (21) දහවල් සිට මෙම ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .
ඉකුත් 17 වැනිදා බදුල්ල වෙලේකඩේ දි සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ වාර්තාව (21) දින ලැබුන අතර එම වාර්තාවට අනුව මෙම දෙදෙනා ඇතුළු 5 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වූ බව පියල් පද්ම මහතා සඳහන් කළේය.
සතොස ආයතනයේ දී හමුවූ ආසාදිතයන් දෙදෙනා නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සලකා එම කාර්යමණ්ඩලය පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති අතර එතෙක් ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක් කළබවද සඳහන් කළේය
අනෙක් තිදෙනා අතර හාලිඇල පදිංචි දෙදෙනෙකු හා මොණරාගල පදිංචි කරුවෙක් ද සිටින බව පැවසීය .
මීට අමතරව ස්වයං නිරෝධායනට ලක්කර සිටි පවුල් වල සාමාජිකයන් පිරිසක් පීසීආර් පරික්ෂාවට ලක්කර තිබූ අතර ඔවුන්ගෙන් 7 දෙනෙක් ද ආසාදිතයන් බවට එම වාර්තාවලින් අනාවරණය වී තිබේ .
පාලිත ආරියවංශ