2019 වසර සඳහා යෝජිත බදුල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය යළිත් අද (31දා) සවස දෙවැනි වරටත් ඉදිරිපත් කිරීමෙන් අනතුරව වැඩි ඡන්ද එකකින් පරාජයට පත් විය.
බදුල්ල නගර සභා නගරාධිපති ප්රියන්ත අමරසිරි මහතාගේ (ශ්රී.පො.පෙ) ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්රණ ශාලාවේ පිහිටි මහා නගර සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී පස්වරු 2.30 ට සභා රැස්වීම ආරම්භ වීමත් සමග නගරාධිපතිවරයා දෙවැනි වරටත් 2019 වසරට නියමිත බදුල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කර ඒ සඳහා ඡන්දය විමසීය.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 12 ක් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර අයවැයට විරුද්ධව එජාප, ජවිපෙ සහ ස්වාධීන මන්ත්රීවරයෙකු ඇතුළු මන්ත්රීවරු 13ක් ඡන්දය ප්රකාශ කළහ. ඒ අනුව එක් වැඩි ඡන්දයකින් බදුල්ල මහ නගර සභාවේ 2019 වසරට නියමිත අයවැය ලේඛනය දෙවැනි වරටද පරාජයට පත් විය.
නගරාධිපති ප්රියන්ත අමරසිරි මහතා විසින් පසුගිය (24දා) බදුල්ල මහ නගර සභාවේ 2019 වසරට නියමිත අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කර ඒ සඳහා ඡන්දය විමසීමේදී වැඩි ඡන්ද 1 කින් පරාජයට පත් විය.
ඒ අනුව අයවැය ලේඛනය යළි මෙසේ දෙවැනි වරට ඊයේ (31දා) සභාවට ඉදිරිපත් කරන ලදී.
ඇල්ල ප්රසාද් රුක්මල් / බදුල්ල පාලිත ආරියවංශ / හාලිඇල විජේරත්න රත්නායක