20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ඊයේ (03) වව්නියාවේදී පැවති වන්නි දිස්ත්‍රීක්කයේ මාධ්‍යවේදින් ප්‍රශ්න ගැටලු පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සෘජුවම සාකච්ජා කිරිමේ වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
‘20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සඳහා අපි 225ටම ආරාධනා කරලා තියනවා. ඒ නිසා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහය දැක්වීම ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරයි. නමුත් අපේ පක්ෂයට එකතු කරගත යුතු නැහැ කියන තීරණේ මම ඉන්නවා මොකද එතුමන් සම්බන්ධයෙන් මේ වන විට යම් කිසි ප්‍රශ්නයක් තියන නිසා යනුවෙනි.
එමෙන්ම යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියනවා මම අතුරුදහන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් හුඟක් අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට අවුරුදු 30 කට වැඩි කාලයක් යුද්දයක් තිබුනු රටක මිනිස්සු තිස් හතලිස් දහසක් මැරුණු වාතාවරණයක අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපට තීරණයකට එන්න පුලුවන් මොකද ඒ අය එක්කෝ මිය යන්න ඕන නැත්නම් විදෙස්ගත වෙලා ඉන්න ඕන.
උදාහරණයක් වශයෙන් යුද්දය පවතින අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ප්‍රදේශයන්ට මැදිව යුද හමුදාවෙන් පිරිසක් ඔවුන්ගේ ප්‍රහාරවලින් මිය යනවා නමුත් ඒ අයගේ මළ සිරුරු හෝ හමු නොවන අවස්ථා තියනවා ඒ අයත් අතුරුදහන් ලැයිස්තුවේ තමයි නම් කරන්නේ පැහැදිලිවම එල්.එල්.ආර්.සී. වාර්ථාවේ යුද්දය හේතුවෙන් 21,000කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉන් පන්දාහත් හයදාහත් අතර ප්‍රමාණයක් යුදහමුදාවේ පිරිසක් ඉන්නවා අපි මෙහි සත්‍යතාවය වටහා ගත යුතුයි යනුවෙනි.