හදිසි ගින්නකින් අද ( 23) දා බණ්ඩාරවෙල නගරයේ ප්රධාන ආපන ශාලාවක් මුළුමනින්ම විනාශ වී ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොල් අතු සහ පිදුරු සෙවිලි කර මෙම ආපනශාලාව ඉදිකර තිබූ බවද පොලිසිය කියයි.
වේගයෙන් ගින්න පැතිරීමට ද මෙම තත්ත්වය බලපා ඇති බව පොලීසිය සඳහන් කරයි.
බණ්ඩාරවෙල පොලීසිය සහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළේය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.