බඩට නොව මොළ කෝටි දෙකකට කතා කරන ක්‍රමයක් හැදිය යුතුයි - පාඨලි
බඩවල් කෝටි දෙකකට නෙමෙයි, මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අනාගතයේ අපි මෙරට ගොඩනැගිය යුතු බව
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහතා පවසයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ,දියුණුව, නවීකරණය, සංවර්ධනය සහ නවෝත්පාදනය තුළින් අනාගතය වෙනුවෙන් රට ගොඩනගන්නට ‘රටට හෙටක්, තිරසර මගක් - හම්බන්තොට අපේ හෙට දවස’ මැයෙන් තංගල්ල සිලෝන් සී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපට සිටිනවා හොඳ උගත් ශ්‍රම බලකායක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, මේ රටේ අද මනුෂ්‍යයෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙත් මිනිස්සු ජීවත්වන්නේ අවුරුදු 80 යි. ළදරු මරණ අනුපාතය ගත්තත්, මාතෘමරණ අනුපාතය ගත්තත් ඒ අන්තර් ජාතික මට්ටමේ අපි ඉන්නවා. අධ්‍යාපනය මට්ටමින් අපි ඉතාම හොඳ තත්ත්වයක ඉන්නවා. අපේ පාසල් පද්ධතිය තුළ දුර්වලතා මොනවා තිබුණත් හොඳ බුද්ධිමත් පිරිසක් අපට ඉන්නවා. එහෙම නම් අපි බලන්න ඕනේ මෙන්න මේ උගත්, නීරෝගී ජනතාව මේ රටේ ආයෝජනය කර ගන්න.
අර හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගීමේ අරමුණ වෙලා තිබෙන්නෙත් ඒකයි. නවෝත්පාදනය ගෙන එන්න. මේ හම්බන්තොට අනාගතයේ ගොඩනගනවා නම් ජල ප්‍රශ්නයත් අපි විසඳගෙන මේ දරුවන්ගේ බුද්ධිය අපි කොහොමද පාවිච්චි කරන්නේ, ඒ දරුවන්ගේ නවෝත්පාදන දැනුම කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මතයි අපට ඉදිරි ගමනක් තිබෙන්නේ. අපේ පාසල්වලින් ඉතාම හොඳ විශිෂ්ඨ ගණයේ පිරිස් බිහි වෙනවා. ඒ අය උපාධි අරගෙන රට යනවා. ඒ අය මේ රටේ අනාගත දියුණුවට අභියෝගාත්මකව යොදා ගැනීම ගැනයි අපි බලන්න ඕනේ. අන්න ඒකට හරියන නගරයක් අපි නිර්මාණය කළ යුතුයි.
මොකද අපේ ළමයෙක්ගෙන් ඇහුවොත් රට යන්න තමයි බලන්නේ. මේ රටේ ඉන්න කල්පනාවක් නැහැ. මොකද විදේශ රටකට ගියහම ඒ රටේ පිළිවෙල, පිරිසිදුකම ඒ අයට පේනවා. ඒකට කැමැත්තක් ඇතිවෙනවා. වැඩක් කරගන්න ගියහම ඒ කි‍්‍රයාවලිය ඒ අයට පෙනවා. අන්න ඒ නිසා ඒ අය රට යන ප්රවණතාවයේ ඉන්නවා.
දැන් අද කොළඹ ඇරුණහම වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ ගාල්ලෙවත්, මාතරවත් මහනුවරවත් නෙමෙයි මෙල්බර්න් නගරේ. යාපනය ඇරුණහම වැඩිම දෙමළ ජනතාවක් ජීවත්වන්නේ ති‍්‍රකුණාමලය, මඩකලපුවේ නෙමෙයි කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. මොකද යම් යම් හේතු නිසා අපේ මිනිසුන් යනවා එය ප්‍රවණතාවයක් වී තිබෙනවා. ලක්ෂ 30 ක් අපේ ජනතාව අද විදේශ රටවල සේවය කරනවා හෝ ජීවත් වෙනවා. මේ පිරිසෙන් විශාල පිරිසක් මේ අපේ ගම්වල මධ්‍ය විද්‍යාල ආදියෙන් බිහිවෙලා හොඳ දැනුම් මට්ටමක් සහිතව ගිය අය.
ඒ නිසා බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අපේ රටේ අනාගතයේ ගොඩනැගීමට කටයුතු කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් පැවසීය".

popular news
-
Champa Monday, 11 March 2019 05:52 PM
කරදර වෙන්න එපා.පාට පක්ෂ භේද නැතුව මොළවල් කෝටි දෙක බඩවල් 1 225ට කතා කරන දවසක් ඉක්මණට එනව. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය කණපිට හැරෙන දවසක් එනවා. හිත හදා ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
