සීමාසහිත බැටික්ලේ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නිරීක්ෂණ වාර්තාවේ ඇති නිර්දේශ අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කර තිබේ.
ඒ අනුව මුදල් ; නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන; ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර තිබේ.
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති විසින් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ වාර්තාව කැබිනට් මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එහි නිර්දේශ අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වාර්තා කිරීමට මෙම අමාත්‍ය අනුකාරක සභාව පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.