බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු ඇතුළු ආසාදිතයන් 29 දෙනකු අලුතින් හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුෙගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා අද දින ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුවු බවත්ය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් චැපල්ටන් වතුයායෙන් ආසාදිතයන් 11ක්, කර්කස්වෝල්ඩ් වතුයායෙන් ආසාදිතයන් 15ක්,රොබ්ගිල්, කැම්පියන්, ප්රෙට්ටසෝ, යන වතුවලින් ආසාදිතයන් 01ක් බැගින් හා බගවන්තලාව නගරයට ආසන්න ආරියපුර ප්‍රදේශයෙන් එක් ආසාදිතයකු හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතර පිරිමි ආසාදිතයන් 13 හා කාන්තා ආසාදිතයන් 16, සිටින බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හමුවු සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා