බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක්
- 21 04 2021
- 18:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.
බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලකුණු 8දී දැවී ගියත් තමීම් ඉක්බාල් (90) හා නජ්මුල් හුසේන් (126*) දෙවැනි කඩුල්ලට ලකුණු 144ක සාර්ථක සබඳතාවක් පිහිටුවීය.
ඉන් අනතුරුව තමීම්ගේ දැවී යාමත් සමගින් පිටියට එක්වූ මොනිමුල් හක් (64*) නජ්මුල් හුසේන් සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 150ක නොබිඳුණු සබඳතාවක් පවත්මින් සිටියි.
බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු දෙකම විශ්ව ප්‍රනාන්දු ලබාගත්තේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
