බංග්ලාදේශයේ ඉරිදා (03දා) නව කොරෝනා වෛරසය ආසාදිතයන් 665ක් වාර්තා වී ඇති අතර, එය එරට තුළ වෛරසය පැතිරීයාම ආරම්භ වීමෙන් පසු විශාලතම දිනක වැඩිවීම බව එරට රජයේ ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
දකුණු ආසියාවේ ජනාකීර්ණ රටක් වන බංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉරිදා දිවයිනේ දිස්ත්‍රික්ක 56ක නිලධාරීන් සමග නව කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව වීඩියෝ සම්මන්ත්රණයක්ද පවත්වා තිබේ.
මෙම ඇමතුම අතරතුර, අග්‍රාමාත්‍යවරිය විසින් ජනතාව වෙනුවෙන් සහන පැකේජ කිහිපයක් සහ වසංගතයෙන් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කිහිපයක්ද ප්‍රකාශයට පත්කර තිබේ.