බංග්ලාදේශය 541-7ට ඉනිම අත්හිටුවයි
- 23 04 2021
- 12:17
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ලකුණු 541/7ක් රැස්කරගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට අවස්ථාව දුන්නේය.
බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ තමීම් ඉක්බාල් (90), නජ්මුල් හුසේන් (163), මොනිමුල් හක් (127), මුෂ්ෆිකාර් රහීම් (58*) ලෙස ලකුණු රස්කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 96ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. ධනංජය සිල්වා, වනිඳු හසරංග හා සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූහ.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8කදී ලකුණු 11ක් රැස්කරගෙන සිටියි. නායක දිමුත් කරුණාරත්න හා ළහිරි තිරිමාන්න ලකුණු 5 බැගින් රැස්කරගෙන සිටිති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
