ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඒ දෙරට අතර නිරෝධායන ක්රියාවලිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අනුවය.
ශ්රී ලංකාවේ තරගාවලියට එක්වීමට නම් බංග්ලාදේශය දින 14ක කාලයක් නිරෝධානය විය යුතු බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා ඇති අතර ඒ සඳහා බංග්ලාදේශයෙන් එකඟතාව හිමි වී නොමැත.