අතුරුගිරිය නගර මධ්‍යයේ සංචාරක බෑග් අලෙවිසැළක හිමිකරුවකු අලෙවිසැළ තුළ බිම ඇද වැටී සිදුවූ අනතුරින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය ගල්පොත්ත පාර අංක 43/ B හි පදිංචි රත්නායක මුදියන්සේලාගේ සුනිල් දයානන්ද (47) නමැති දෙදරු පියෙකු බව පොලිසිය කියයි .
අතුරුගිරිය ඔරුවල මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මියගිය පුද්ගලයාට අයත් සංචාරක බෑග් අලෙවිසැළ තුළදී මෙසේ බිම ඇද වැටී ඇති අතර ඒ බව අලෙවි සැලට පැමිණි පුද්ගලයෙකු දැක , යාබද අලෙවිසැල් හිමිකරුවන්ට දැන්වීමෙන් පසුව ඔවුන් හරහා ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ.
ඒ අනුව වැටී සිටි පුද්ගලයාගේ ඥාතීන් පැමිණ ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර ද මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබුණි .
පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නිලධාරීහු පරීක්ෂණ පවත්වති.