'කෝවිඩ්-19' බලපෑම හේතුවෙන් රටපුරා සංචරන සීමා පනවා ඇති අවස්ථාවක, අත්‍යවශ්‍ය සේවාවක් වන බැංකු සේවකයින් දැඩි අවධානම් සහිතව තම කටයුතු සිදුකරන බව දැනගන්නට ලැබේ. සිය ගණුදෙනුකරැවන්ට බැංකු කටයුතු සඳහා පැමිණීම වලක්වාලමින් පසුගියදා මහබැංකුව, මෙරට බැංකු වෙත චක්‍රලේඛණයක් නිකුත් කළ ද විශ්‍රාම වැටුප් ලබාදීමට ඇති බැවින් බැංකු නැවත විවෘත කරන ලෙස මහ බැංකුව නැවත චක්‍රලේඛණයක් නිකුත් කිරීම නිසා ගණුදෙනුකරැවන් නැවත වතාවක් බැංකු වෙත පැමිණීම හේතුවෙන් පෙර පැවැති අවධානම නැවත ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ.
මෙරට ක්‍රියාත්මක බැංකු වෘත්තීය සමිති කිහිපයක්ම සඳහන් කර සිටියේ, මුදල් භාවිතය නිසා 'කෝවිඩ්-19' වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානමක් තිබෙන බැවින් සහ බැංකු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන නිසාත් බැංකු සේවකයින්ට ද 'කෝවිඩ්-19' පාලනයට ලබාදෙන එන්නත හැකි ඉක්මණින් ලබාදිය යුතු බවයි.
'කෝවිඩ්-19' පාලන එන්නත ලබාදීමේ දී රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු සේවකයින් කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස රාජ්‍ය බැංකු නිළධාරීන් මෙන්ම පෞද්ගලික බැංකු හිමිකරුවන් විසින් ඉල්ලීම් කර ඇතැත් මේවනතුරු ඒ සම්බන්ධයෙන් සැහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණු බව බැංකු වෘත්තීය සමිති කිහිපයක්ම සඳහන් කර සිටියේය.