පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ ආසිරි රෝහල විදේශීය ආයතනයක් හා එක්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පැවැසීය.