පෞද්ගලික රෝහලට අත්බෝම්බය ගෙනා තරුණයා අත්අඩංගුවට
නාරාහේන්පිට ලංකා හොස්පිටල් පරිශ්‍රය වෙත ජීව අත්බෝම්බය රැගෙන ආ සැකකරු අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
ත්‍රිකුණාමලය, උප්පුවේලි පදිංචි අවුරුදු 26ක අවිවාහක තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය හා නාරාහේන්පිට පොලීසිය එක්ව සිදුකළ විමර්ශන වලදී මෙම සැකකරු අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අදාළ ජීව අත්බෝම්බය කුමන අරමුණක් වෙනුවෙන් රෝහල් පරිශ්‍රය වෙත රැගෙන ආවේද යන්න පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරනු ලබයි.
popular news
-
. Asian Thursday, 16 September 2021 12:13 AM
No bomb brought there by Namal
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

