පෞද්ගලික බස් රථ සඳහා වෙනමම වර්ණයක් යොදා ගැනීමට අවධානය
ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
බස් රථ ධාවන කාලසටහන පිළිබදව පවතින දිගුකාලීන ගැටලුව පුළුල්ව විමර්ශණය කොට ජාතික ගමනාගමන කොමිෂම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ධාවන කාලසටහනක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙන් දුන්නේය.
ඊට අදාළ තොරතුරු නොපමවා සමීක්ෂණය කර ගැටලුව විසදන්නැයි ඔහු පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දෛනිකව වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දිනකට පුද්ගල මරණ 07ක් පමණ සිදු වන බව පොලීසිය පවසයි. ඉන් බොහොමයකට පෞද්ගලික බස් රථ ද වගකිවයුතු බව පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර අනතුරු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිවරයා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය. ගමනා ගමන මණ්ඩල බස් රථවලට සේම, පෞද්ගලික සහ පාසල් බස් රථවලට වෙනම වර්ණයන් තිබීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කොවිඩ් 19 මර්දනයට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආසන සංඛ්‍යාවට පමණක් මගින් සීමාකළයුතු බව ද ජනාධිපවරයා සඳහන් කළේය. මගී සංඛ්‍යාව සීමා කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා අරඹන වේලාව සංශෝධනයට ද තීරණය විය.
ඇඳිරි නීතිය පැවති කාලයේ ධාවනය නොකිරීම නිසා බස් රථවල හටගෙන ඇති දෝෂ අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 03ක ණයක් සැපයීම ගැන ද සාකච්ඡා කරනු ලැබීය.
දුර ගමන් බස් රථ විවේකය සඳහා නතර කරන ආපනශාලාවල පවිත්‍රතාවය පිළිබඳව ද තදින්ම සැලකිලිමත් වන්නැයි ඔහු පැවසීය.
මගී සුව පහසුවට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් බස් ධාවනයට එක් කිරීමට තීරණය කෙරිණ.

popular news
-
අබිලින් Tuesday, 09 June 2020 06:52 AM
පුද්ගලික බස්වලින් කප්පම් ගන්නා පිරිස් අනන්තවත් ප්‍රධාන මාර්ගවල රැඳී සිටිනවා.ඔවුන් සමහර විට ත්‍රීවීල් රියදුරන් ලෙස ත්‍රීවීලය පාක්කරගෙන පාක්වල ඉන්නවා.නමුත් ධාවනය කරන්නේ නැහැ.මුන් සෑම පුද්ගලික බසයකින්ම මුදලක් ගන්නවා.සමහර වෙලාවට මුන් මුදල් ගන්න විවිධ උපක්‍රම යොදනවා.උදාහරණයක් ලෙසට බුලත්විටක් ටොෆියක් වැනි දෙයක් රැගෙනවිත් කොන්දොස්තරට දී බසය ඉදිරියට ඇවිත් රුපියල් සියයක් පමණ ගන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

