ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන බවුසර් දීමනාව පැය 48 ක් තුළ ඉහළ දැමීමට කටයුතු නොකළහොත් 25 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඩීසල් ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා ඉහළ දැමූ බවට ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කළත් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද එම සංගමයේ සම ලේකම් ශාන්තද සිල්වා මහතා සඳහන් කළේය.
මේ නිසා අවස්ථා දෙකකදී ඩීසල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ලීටර් 19800 බවුසරයකට ගෙවන දීමනාව 17.2% කින් හා ලීටර 33000 ක බවුසරයකට ගෙවන දීමනාව 11.7% කින් හා ලීටර 13,200 බවුසරයකට ගෙවන මුදල 15.7 කින් ඉහළ දැමිය යුතු බවද කියා සිටියේය.
25 වැනි දින මධ්‍යම රාත්‍රී 12 ට සිට පැය 48 ක කාලයක් තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බවට බෙදාහැරීම් කළමනාකරුට හා තෙල් සංස්ථා සභාපතිට අද (23) දහවල් 12 ට ලිඛිතව දැනුම් දෙන බවද සඳහන් කළේය.
