පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 04ක් පරීක්ෂාවට
පොළොන්නරුව ප්‍රධාන සහල් මෝල් 04ක් අද (03) පෙරවරුවේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතාගේ පරීක්ෂාවට ලක් කෙරිණි.
නිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ.
සහල් මොල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ තොග මිල ගණන් පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීමටත් පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියෝ එකඟතාවය පළ කළහ.
එමෙන්ම තමන් සතු වී තොග කඩිනමින් සහල් බවට පත් කර, රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ වෙළෙඳපොළට අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව ද සහල් මෝල් හිමියෝ සඳහන් කළහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
Demuni Uduwara Saturday, 04 September 2021 03:50 AM
This is absurd! A media conference!
Reply : 0 0
Dayan Saturday, 04 September 2021 12:18 PM
Are those facilities beautiful?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

