පොහොර තොගයට තෙවැනි පාර්ශ්වයක පරික්ෂණයක් චින සමාගම ඉල්ලයි
තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ආනයනය කළ පොහොර තොගය ලෝකයේ පිළිගත් ඉහළම තෙවැනි පාර්ශ්වයක් හරහා යළිත් පරීක්ෂා කරන ලෙසත් එහි ප්‍රථිඵල දෙපාර්ශ්වයම භාර ගන්නා ලෙසත් කාබනික පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වූ චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කැඳවූ ටෙන්ඩර්ය සාර්ථකව දිනා ගැනීමට සමාගමට හැකිවූ බවත් ඒ අනුව විවිධ ගැටලු මධ්‍යයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කාබනික පොහොර සැපයීමට ප්‍රමුඛතාව ලබාදෙමින් සමාගම කටයුතු කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් අදාළ පොහොර තොගය නැව් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබියදී ලංකා පොහොර සමාගම අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවත් ඒ සඳහා හේතු ලෙස ආනයන බලපත්‍රය ලබාගෙන නොතිබූ බවත් දැන්වූ බව සමාගම පවසයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර පරිචය අනුව අදාළ බලපත්‍රය ලබාගැනිම මිලදී ගත් පාර්ශ්වයේ වගකීම බවත් ඔවුන්ගේ වරදින් හා සෘණාත්මක ක්‍රියා හේතුවෙන් බපත්‍රය ලබා ගැනීමට නොහැකි වූ බවත් සමාගම පැහැදිලි කරයි.
මෙසේ පැමිණි පොහොර තොගය ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනය මගින් පරීක්ෂා කර වාචිකව එම පොහොර තොගයේ එර්වේනියා නැමැති බැක්ටීරියාව අඩංගු බවට සඳහන් කළත් පසුව එහි වාර්තාව ලබාදුන් බවත් ජාත්‍යන්තර ප්‍රමිත අනුව ඒවේනියා බැක්ටීරියාව හඳුනා ගැනීමට දින 6කට අධික කාලයක් ගතවන බවත් ශ්‍රී ලංකාවට ඒ සඳහා ගතවුයේ දින තුනක් බවත් ඔවුන් පැහැදිලි කරයි.
කෙසේ වෙතත් මෙම පොහොර තොගය පිළිබඳව තෙවැනි පාර්ශ්වයක් මගින් කරනු ලැබූ පරීක්ෂණය සමත්වී ඇති බවත් ඊට අමතරව චීනයේ රේගුවෙන් කරනු ලැබු පරික්ෂණයද සමත්වූ බව ඔවුන් පවසයි.
මෙම පොහොර තොගයට අදාළව ණයවර ලිපිය නිකුත් කිරීමෙන් පසුව මිලදි ගත් පාර්ශ්වය විසින් අවස්ථා කිහිපකදීම එය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවද සමාගම පෙන්වා දෙයි.
සීවින් බයෝටෙක් සමාගමේ නිශ්පාදන ලොව පුරා රටවල් 50ක අපනයනය කරන බවත් සමාගමට ක්ෂේත්රයේ වසර 20ක පමණ පළපුරුද්දක් ඇති බවත් ඔවුන් පවසයි.
මෙවර ශ්‍රි ලංකාවට යොමුකළ කාබනික පොහොර සාම්ප්‍රදායක කොම්පෝස්ට් වලින් බැහැරව සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක් යටතේ ජීවාහනුහරණය කළ බවත් එර්වේනියා බැක්ටීරියාව පවතින්නේ සෙල්සියස් අංශක 40-45ක උෂ්ණත්වයක බවත් සමාගම පෙන්වා දෙයි.
මේ අනුව ලෝකයේ ඉහළම පරීක්ෂණ සමාගමක් වන සිවිට්සර්ලන්තයේ එස්.ජී.එස්. සමූහය හරහා නැවත සාම්පල පරීක්ෂණයක් හැකි ඉක්මනින් කරන ලෙසත් පාර්ශ්ව දෙකම එහි ප්රථීපල පිළිගන්නා ලෙසත් ඔවුන් පවසයි.

popular news
-
Demuni Uduwara Tuesday, 26 October 2021 01:13 PM
We should pay due heed to their detailed explanations too !
Reply : 0 0
Gamini Tuesday, 26 October 2021 01:57 PM
They have no right to dictate the protocols of Sri Lanka. It was appealed once from within the country and the results were the same. This is arm twisting.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

