ප්රධාන බැංකුවක් විසින් පොහෝදිනය වෙනුවෙන් ත්යාග පිරිනැමෙන බවට පළවන පණිවිඩයට නොරැවටෙන්න
ලබන ඉරුදිනට යෙදී ඇති වප් පොහොය නිමිත්තෙන් විශේෂ ත්යාගයක් හිමි කර ගැනීමට හැකි බවට මෙරට ප්රධාන බැංකුවක් විසින් නිකුත් කර ඇතැයි පැවසෙන සමාජ ජාල පණිවිඩයට නොරැවටෙන ලෙස ශ්රී ලංකා CERT ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එම බැංකුව විසින් එවන් ත්යාගයක් පිරිනැමීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද ශ්රී ලංකා CERT ආයතනය දන්වා සිටී.මෙම අන්තර්ජාලය හරහා හුවමාරු වන පණිවිඩයේ අරමුණ කිසියම් වංචනිකයන් පිරිසක් ඔබේ පුද්ගලික තොරතුරු, බැංකු තොරතුරු මෙන්ම වෙනත් තොරතුරු සොරා ගැනීමේ උත්සාහයක් බවද ශ්රී ලංකා CERT ආයතනය නිවේදනය කර සිටී. මේ හරහා ඔබේ බැංකු ගිණුම්ද වංචනිකයන් අතට පත් වීමට ඉඩ ඇත.
එබැවින් මෙම අන්තර්ජාල පණිවිඩයත් සමග එවා ඇති link එකට ප්රවේශ වීමට (click) උත්සාහ නොකරන ලෙසද CERT ආයතනය දන්වා සිටී.
