පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු ඉන්න කොමිසම ගැන ජනතාවට විශ්වාසයක් නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු සිටින මැතිවරණ කොමිසම ගැන ජනතාවට කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බව මහනුවර දිස්ත්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මහනුවර ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී හෙතෙම මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන තැනට ස්වාධීනයැයි කියන මැතිවරණ කොමිසමෙහි සාමාජිකයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේනම් එම කොමිසම් සභා පිළිබදව තවදුරටත් ජනතා විශ්වාසය කිසිසේත් තැබිය නොහැකියැයිද ඒ මහතා පෙන්වා දෙයි.
දහනව වන සංශෝධනය හා එහි කොමිසම් සභා පිළිබදව මහ උජාරුවෙන් කතා කරන විපක්ෂයේ පිරිස්හි මේ වන විට රෙදි ගැලවී ඇතැයිද ඔවුන්ට කතා කිරීමට දෙයක් නොමැතිව කතා කළ එකදු දෙයද අද දැඩි ජනතා අප්‍රසාදයට පත්ව ඇතැයිද ඔහු කීය
යහපාලනය ඇතිකල ස්වාධිනයි කියන කොමිසම් වලින් පත් කළේ නීතිය නමන පොලිස්පතිවරුන් බවත් ඒ වගේම රටෙහි ප්රබලතම දේශපාලන පක්ෂයට ඡන්දය දෙන්න එපා කියන කොමිසම් සාමාජිකයන් බවත් හිටපු අමාත්‍යවරයා කීය.
ජනතා පරමාධිපත්‍ය ඉටුකරුනු වෙනුවට දින නියමයක් නොමැතිව පළාත් සභා කල් දැමූ ,වසර දෙක හමාරක් පළාත් පාලන ඡන්දය කල් දැමු ස්වාධිනයැයි කියන කොමිසම් සභා දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.
මෙවනි තත්ත්වයක් තුළ තවදුරටත් ස්වාධිනයැයි කියන කොමිසම් වලට ගරු කළ හැකිදැයිප්රශ්න කරන ඒ මහතා මේවා පිළිබදව බරපතළ ලෙස ජනතා විශ්වාසය බිදවැටී ඇතැයි පැවසීය.
මොහොමඩ් ආසික්

popular news
-
Appachci Tuesday, 09 June 2020 06:12 AM
තමුන් ඔය හූල් මහත්තයාගේ කතාව අහලද ඔය ගොන් talks දෙන්නේ .අ මනුස්සය kiwwe හොරුන්ට අරක්කු පෙරන යට චන්දෙ දෙන්න Epa කියල එක වැරදිද .බොරු කෙලින්න එපා හලෝ .තමුසෙලා හැමදාම කලේ බොරු .හම්බ කල ඇති Padama අර ඔස්ට්‍රේලියාවට විරුද්ද ව නඩු දානවා කියල Kiwaru ගැහුවා නේද .එතනිනුත් keliya රටේ සල්ලි,තු nod akin
Reply : 0 0
rocky Tuesday, 09 June 2020 02:18 PM
පච කෙලින්න එපා මහත්තයෝ, කොහෙද එයා එහෙම කියලා තියෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

