පොහොට්ටුව කැළඹීමක් ඇති කිරීමට යනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට තුළ විවිධ කැළඹීම් ඇතිකිරීමට යන බවත් ඔවුන් කෙටි පාරෙන් ජනපති මන්දිරයට යෑමට උත්සාහ කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒසේම බේරුවල හා අලුත්ගම සිදුවීම නිර්මාණය කළේ හිටපු ජනාධිපතිවරයා හා රජය බවත් ඔහු ප්‍රකාශ කළේය.
මඩකලපුවේ පැවැති උදා ගම්මාන විවෘත කිරීමේ වැඩසටහනකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ විරුද්ධවාදීන් විශේෂයෙන්ම පොහොට්ටුවේ සාමාජිකයන් අද රට තුළ විවිධ කැළඹීම් ඇති කිරීමට යනවා. උද්ඝෝෂණ සංවිධාන කරනවා. පොහොට්ටුවේ සාමාජික කොට්ඨාසයක් අනුන් හදපු බෞද්ධ මන්දිර විවෘත කරලා ඒළියට එන විට රට ගිනි තියෙන වොයිස්කට් දෙනවා.
දැන් ජනාධිපතිවරණය ළංවෙන්න ළංවෙන්න ඒඅය දණ ගහගෙන ඉස්ලාම් ආගමික ස්ථානවලට යනවා. හින්දු ආගමික ස්ථානවලට යනවා. ක්‍රිස්තියානි කතෝලික ආගමික ස්ථාවලට ගිහින් කියනවා සංහිඳියාව ඇති කරන්න ඕන කියලා.
මේකට මම කියන්නේ පෙහොට්ටුවේ ෙඒතිහාසික ප්‍රෝඩාව කියලයි. බලය තියෙන කාලේ මේ අය කිව්වේ පල්ලි, කෝවිල්, දේවස්ථාන කඩනවා. සුළු ජාතීතකයන්ට ඉඩක් නෑ කියලයි. දැන් ලොකු ආසවක් කෑදරකමක් බඩගින්නක් ඇතිවෙලා තිබෙනවා බලයට එන්න.” යැයි ප්‍රකාශ කළේය.

popular news
-
rocky Monday, 06 August 2018 11:50 AM
පොහොට්ටුවෝ නියම සිංහයා ලකුණ දරන සුපිරි ඔරිජිනල් බවුද්ධයන් බව කවුද නොදන්නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

