පොසොන් නිසා අනුරපුර පාසල් ඉදිරි සතියේදී වසා දැමේ
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවයේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා මෙම මස 25දා සිට 29දා දක්වා කාලය තුළ පහත සඳහන් පාසල් වසා තැබීමට තීරණය කළ බව උතරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධි විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඤාණ යන පාසල් වසා තැබේ.
එමෙන්ම 28දා සහ 29දා යන දෙදින පමණක් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික විදුහල වසා තැබීමටත් තීරණය කර ඇති බව එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

