මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.
රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳව වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇති බව කැෆේ සංවිධානය නිවේදනය කරයි.
මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදු ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බවත් මේ පිළිබඳව කැෆේ සංවිධානය මේ වනවිට මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .