කඩවත පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා, අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු භාරයට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව විමර්ශන කටයුතු සිදුකරන බවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
අද දහවල් කඩවත පොලීසියට භාර වූ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පසුගිය දිනවල අතුරුදන්ව සිටි අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්ද දියත් කරනු ලැබිණි.