වරකාපොළ පොලීසිය විසින් වරකාපොළ නගර මධ්‍යයයේ රථ වාහන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට නැවැත්වීමට සැලසුම් කිරීමට විරෝධය දක්වමින් නගරයේ සියලු වෙළෙඳ සැල් වසා දමමින් ව්‍යාපාරිකයෝ අද (23දා) විරෝධතාවක නිරත වූහ.
මෙහිදී වෙළෙඳ සැල් හිමියන් පවසා සිටියේ, එදිනෙදා තම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේදී වරකාපොළ පොලීසියේ මෙම ක්‍රියාව හේතුවෙන් තමන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බවය.
විරෝධතාකරුවන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උදෑසන මෙම විරෝධතාව සිදුකරගෙන ගිය අතර පෙලීසියට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව පැවැත්වූහ.
ව්‍යපාරිකයන් සියලුම කඩ සාප්පු වසා දැමීම හේතුවෙන් නගරයට පැමිණි විශාල පාරිභෝගිකයින් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ.
මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා නගරයේ සියලුම වෙළෙඳ සැල් හිමියන් හා නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ද එක්ව සිටියහ.
නගරයේ නිතර නිතර ඇතිවන දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පොලීසිය ඔත්තේ -ඉරට්ටේ ක්‍රමයට රථ වාහන ගාල් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කළ බව වරකාපොළ පොලීසිය පවසයි.
වරකාපොල රංගන රුවන්

