මාතර නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන්ගේ වෙඩි පහරින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පතිවරයා අද (26දා) පොලිස් රෝහලට සහ ජාතික රෝහල වෙත පැමිණ තිබේ.
එහිදී වෙඩි පහරින් තුවාල ලබා මේ වන විට පොලිස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සහ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින පොලිස් සැරයන්වරයාගේ සුවදුක් සොයා බලා තිබේ.
එමෙන්ම එම සිද්ධියේදී තුවාල ලබා මේ වන විට ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින කාන්තාවකගේද සුවදුක් විමසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත පොලිස්පතිවරයා අද (26දා) නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙලෙස එම රෝහල් වෙත ගොස් තිබේ.


