පොලිස් සේවයේ ගුණාත්මක තත්ත්වය දියුණු කරන්න නීති සකසනවා - ජනපති
පොලිස් සේවය ගුණාත්මක සේවයක් බවට පත්කිරීම සඳහා නව නීති හදුන්වා දෙන බවත් මේ වනවිට එම නීති සැකසීමට නීති කෙටුම්පත් අංශයට භාරදී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභා විවාදයෙන් අදහස් දක්වමින් අද (04දා) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා අමාත්‍යධුරය දරන ආරක්ෂක , පරිසර සහ මහවැලි අමාත්‍යාංශ වැය ශිර්ෂ අද දිනයේදී විවාදයට ගනු ලැබීය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය,
"පොලීසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන මාස තුනක් පමණ වෙනවා. පොලීසිය යුද නාවික ගුවන් සියල්ලම රටේ සංවර්ධනයට ලොකු කැපවීමක් කරනවා. කිසිම අවස්ථාවක ත්‍රිවිධ හමුදාව අපි දුර්වල කරලා නැහැ. නාවික හා ගුවන් හමුදාවන්ට අවශ්‍ය උපකරණ යන්ත්‍ර සුත්‍ර සපයා ගත යුතුව තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ 85 ,000ක් පමණ ඉන්නවා. විශේෂ කාර්යබලකායේ නිලධාරින් මේ යටතට අයත් වෙනවා. අපි සෑම කෙනෙක්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය පිළිබඳව අලුතින් සිතිය යුතුයි. අපි ඔවුන්ගේ සේවාව ශක්තිමත් කළ යුතුයි. පොලීසිය අගෞරවයට පත් කිරීම සුදුසු දෙයක් නෙවෙයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
Kumar Friday, 05 April 2019 01:57 AM
ජනාධිපතිතුමා මොනවකලත් රථවාහන අංශයේ ඉන්න පගාකරයෝටික එලවන්නනම් බැරිවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

