අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 27 හන්දිය ආසන්නයේ රාජකාරී යෙදී සිටි කොට්ඨාස යතුරුපැදි එකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නොච්චියාගම දෙස සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්රි රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී ත්රි රෝද රථය අණ නෙතකා ධාවනය කිරීමට උත්සාහ කර ඇති අතර පසුව ත්රි රෝද රථය නවත්වා ගැනීමට පොලිස් නිලධාරියෙකු විසින් ඔහුගේ රාජකාරී පිස්තෝල ගිනි අවියෙන් ත්රි රෝද රථයේ පසුපස රෝදයට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
ත්රි රෝද රථය අතුරු මාර්ගයක තිබී පොලීසිය සොයාගෙන ඇති අතර ත්රි රෝද රථයේ සිටි සැකකරුවන් පළා ගෙස් ඇත. මෙම සැකකරුවන් යම් කිසි අපරාධයක් කිරීමට හෝ අපරාධයක් සිදුකර පළා යන පුද්ගලයින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනු ලබන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාජාංගනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.