බස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
කාඩ්පත හඳුන්වා දීම හරහා මාරුකාසි ගැටලුවට විසඳුම් ලැබෙන බවද එම කොමිසමේ සභාපති ඉංජිනේරු එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කීසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමස්ත ප්‍රවාහන සේවාවේ දත්ත හා සමස්ත ප්‍රවාහන මාර්ගවල දත්ත අඩංගු තොරතුරු පද්ධතියක් මාස 06ක් ඇතුළත එළිදැක්වීමට කටයුතු කරන බවයි.
ගූගල් සිතියම හරහා මෙම දත්ත පද්ධතියේ තොරතුරු ජනතාවට නොමිලේ ලබාගැනීමට හැකිවන බවත්, මෙම තොරතුරු පද්ධතිය හරහා බස් ගාස්තුව මෙන්ම අවශ්‍ය ගමනාන්තයට කඩිනමින් ළගාවිය හැකි මාර්ග හා ප්‍රවාහන සේවා තොරතුරු ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රමය යටතේ මුලින්ම බස්නාහිර හා දකුණු පළාත්වලට අදාළ අන්තර් පළාත් බස් සේවාවේ හා දුම්රිය තොරතුරු ඇතුළත් කරන බවද සභාපතිවරයා පවසාසිටියේය.
බස් ගාස්තු ඉහළ දැමීමත් සමග මගීන්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් බස් සේවාවලට අහිමි වී තිබෙන බවත්, සුඛෝපභෝගී හා අධිසුඛෝපභෝගී සේවාවල ගාස්තු ඉහළ මට්ටමක පවතින නිසා එම ගාස්තු අඩු කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
සමස්ත බස් රථ සේවාවෙන් 60%කට වැඩි ප්‍රමාණයකට මේ වනවිට ඒකාබද්ධ කාලසටහන් හදුන්වා දී තිබෙන බවත්, කඩිනමින් එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්හෙතෙම සඳහන් කළේය.
