පොත් කියවන රැඳවියන්ට සිරගත කාලයෙන් සහනයක්
බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම මෙරට පිහිටි රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30 තුළම පුස්තකාල ඇති කිරීමටත් එහි පළමු පියවර ලෙස බන්ධනාගාර 10 ක පුස්තකාල ඉදිකිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හරහා කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (26දා) වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළේය.
සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්රදානය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
