වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරිම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (25දා) මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩණය නියම කරනු ලැබුවේ කන්ද කලාසි උදය කුමාර හෙවත් පොඩිපොල් නමැති විත්තිකරුටය. මෙම විත්තිකරු සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන අතර විත්තිකරුට එරෙහිව මේ වනවිට මිනි මැරිමට තැත් කිරිම ගිනි අවි ළඟතබා ගැනිම ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් ගාල්ල සහ බලපිටිය අධිකරණවලද නඩු කිහිපයක්ම විභාග වෙමින් පවති.
රත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබිය.
ජිනේෂ් නානායක්කාර