පේරාදෙණිය යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසලදී අද (20දා) අලුයම යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දිය පොකුණක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව, කිරිවවුලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසන්න කැලුම් (අවු. 36) හා අජිත් කුමාර (අවු.36) නමැත්තෙකි.
අදාළ තරුණයන් දෙදෙනා ගැටඹේ ඇසල මේලා සැණකෙලිය නරඹා පේරාදෙණිය සිට පේරාදෙණිය විශ්වවිද්‍යාල මාර්ගයේ හිඳගල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
යතුරුපැදිය පොකුණේ ගැටීමෙන් පසු අදාළ තරුණයන් දෙදෙනා පොකුණ තුළට වැටී ඇති අතර, ඔවුන් දෙදෙනා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කර තිබුණද, ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
චමිල් රූපසිංහ





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

