පුළුල් ජනතා බලවේගයක් ගොඩනගනවා
ධනපති ආණ්ඩු වෙනුවට වැඩකරන ජනතාවගේ රටක් නිර්මාණයකරගැනීම සඳහා පුළුල් ජනතා බලවේගයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ධනපති ආණ්ඩුවලට රටේ ආරක්ෂාව ජනතාවට ආරක්ෂාව ලබාදියනොහැකි බවත්,ඔවුන්ට හැකියාව තිබෙන්නේ ජාතිවාදය පෝෂණයකිරීමට බවත් එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කලේය.
එම පක්ෂ මූලස්ථානයේදී අද (01දා) පැවැති මැයිදින සැමරුමට සහභාගි වෙමින් මේ බව කී ප්රධාන ලේකම්වරයා වැඩිදුරටත්සඳහන් කළේමිනිසුන්ට මරණය පෙන්වා භීතියට පත්කර ජනතාවගේ ප්රශ්න යට ගැසීමට ධනපති පන්තිය කටයුතු කරන බවයි.
ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් බවත් එය ලබාදිය යුත්තේ ප්රජාතන්ත්රවාදය සමග බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් අද වනවිට සිදුවෙමින් තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව පෙන්වා ප්රජාතන්ත්රවාදය පැත්තක තබා ඒකාධිපති පාලනයකට පාර කපාගැනීමබවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා පොදු මහත් ජනතාව මේ තත්ත්වයෙන් මුදවාගත යුතු බවත්,ප්රජාතන්ත්රවාදයඅත්හළ, මානවහිමිකම් අත්හළ,ජාතික සමගියඅත්හළජාතික ආරක්ෂාවක් ලෝකයේ තිබිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
මේ නිසා සියල්ලම එකට තිබෙනආරක්ෂාවක් සකස් කළ යුතු බවත්, එහෙත් ධනපති පක්ෂවලට එවැනි දෙයක් සිදුකළ නොහැකි බවත්, මේ නිසා ජාතික ආරක්ෂාව සකස් කිරීමට මෛත්රීපාල සිරිසේනට, රනිල් වික්රමසිංහට සේමමහින්ද රාජපක්ෂ සේමගෝඨාභය රාජපක්ෂටත් නොහැකි බවද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.



popular news
-
Don Wednesday, 01 May 2019 11:06 PM
ලෝකෙන්ම ඇතුගල දාපු තුන්දෙනෙක්ගේ රූප රාමුවක ඉදිරියේ ඉඳගෙන, ලේපාටට ඇඳුම් ඇඳගෙන කොච්චර කතා පැවැත්තුවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ.
Reply : 0 0
Kumar Thursday, 02 May 2019 12:33 AM
හරි හරි අපි දැක්කනේ 80 ගණන්වල ඔයගොල්ලන්ගෙ විප්ලවයකාලේ ප්රතිවාදීන්ගේ බෙලිකපපු හැටි. විරුද්ධව කතාකලනම් මරනවා.රත්රිකාලේ ගම්වල සැරිසරා හැදුනුම් පත් එකතුකළ හැටි අමතකද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

