පුරාවිද්‍යා උරුම ආරක්ෂා කිරීමට අගමැතිගෙන් උපදේශක කමිටුවක්
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 දෙනෙකුගෙන් සමන්විත පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.
පුරාවස්තු සංශෝධන පනතේ බලතල ප්‍රකාරව මෙම උපදේශක කමිටුව පත් කර ඇති අතර දිවයිනේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම යනාදිය මෙම උපදේශක කමිටුව මඟින් අපේක්ෂිතය.
ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (29දා) සිදුකෙරිණි.
පත්කරන ලද උපදේශක කමිටුවට පොලොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ධර්මකිර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමි, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි, අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි, අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි, සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හා ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන්ද ඇතුලත්ය.
එසේම හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග, ආචාර්ය ගාමිණී විජේසූරිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා, විද්‍යාජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, වාස්තු විද්‍යාඥ ඈෂ්ලිද වෝෂ් යන මහත්වරැන්ද කමිටුවට ඇතුලත් වේ.
මීට අමතරව මෙම කමිටුවට ඇතුලත්වන විද්වතුන් වන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, ඩබ්.එම්.එස්.වීරසේකර, සිරිනිමල් ලද්දුසිංහ හා මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර යන මහත්වරැන්ය.
popular news
-
sg Thursday, 30 July 2020 01:05 AM
me kamitu path kireeme kalawa danwath nawath wanna...meka dan university system ekatah ringala antha dusitha wada sidda wenawa...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
