කිලිනොච්චිය ,කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කඳවුර ඉදිරිපිට වයර් සහිත පාර්සලයක් එහි නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ පිළිබඳ සැක සිතූ යුද හමුදා සෙබලුන් එය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ බෝම්බය වැනි යමක් බවට තහවුරු වීමෙන් අනතුරුව ආරක්ෂිත ලෙස කඳවුර තුලට ගෙන එහිදී කිරීමට පියවර ගනු ලැබීය.
කිසියම් අයකු විසින් මෙය කඳවුර ඉදිරිපිටට ගෙනවිත් දමාගොස් හෝ එය සකස් කොට කිසියම් පිපිරීමක් ඇති කිරීමට හෝ සකස් කොට ඇති බවට සැකපලකරන බවද පොලීසිය පැවසීය.
අදාල පාර්සලයේ කුමන වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ දැයි මෙතෙක් අනාවරණයවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද සාම්පල ලබාගෙන ඇති බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
අදාල පුපුරණ ද්‍රව්‍ය පාර්සලය හා නිශ්ක්‍රීය කල ස්ථානය පිළිබඳව මේ වන විටත් පොලීසිය හා යුද හමුදාව විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර එම පුපුරණද්‍රව්‍ය පාර්සලය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයින් පිළිබඳවද පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.