වැලිකන්ද සේනපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කඳවුරෙන් ඊයේ (28දා) සවස රැඳවියන් දෙදෙනෙකු පලාගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී පුනරුත්ථාපනය සඳහා අධිකරණ නියෝග මත භාර දී සිටි පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා පනාගොඩ, කපුරුගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය පවසයි.
මෙම රැඳවියන් දෙදෙනා ඊයේ සවස 5.45 ට පමණ පලා ගොස් ඇති බවට පුනරුත්ථාපන කඳවුරේ නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දී ඇති අතර, ඔවුන් දෙදෙනා සොයා විශේෂ පරික්ෂණයක් අරඹා ඇති බව වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ප්‍රේමලාල් මහතා පැවසීය.
පොළොන්නරුව තුෂාර තෙන්නකෝන්