පුද්ගලයෙකු පැහැර ගත් චෝදනාවට පුත්තලම ප්‍රා.සභා මන්ත්‍රි බන්ධනාගාරයට
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අද ( 23) දින අත්අඩංගුවට ගත් පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ( පොදු ජන පෙරමුණ ) රදික සංජීව මහතා පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි ( 2) දින දක්වා බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කෙරුණි .
පසුගිය 18 දින සැකකාර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රදික සංජිව මහතා විසින් පුත්තලම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රිවරයකුගේ රියදුරකු බව කියන අයකු පැහැර ගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පුත්තලම මුලස්ථාන පොලීසිය කටයුතු කර තිබුනී.
අදාළ විපක්ෂනායකවරයාගේ පහර කැමට ලක්වු බව කියන තැනැත්තා පුත්තලම මුලික රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් සිද්ධියට සම්බන්ධ සැකකාර විපක්ෂනායක වරයා පුත්තලම මුලික රෝහලට ඇතුලත්ව සිටියදි පුත්තලම මුලස්ථාන පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් 23 දහවල් අත්අඩංගුවට ගැනිම සිදුව තිබුනී.

popular news
-
rocky Wednesday, 24 April 2019 06:09 AM
මේ වගේ තක්කඩි අමනයන්ට චන්දෙ දෙන මීහරකුන්ට පළමුවෙන්ම එලව එලවා කෙවිටෙන් පහර දිය යුතුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

