පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍යයි
ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.
එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
පුහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නැයි උපදෙස් දුන්නේය. පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළෙඳ පොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතී. ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළයුතු යයි ජනාධිපතිතුමා පැවසීය.
උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා අවස්ථා හඳුනාගැනිමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු වී නැත. කලා උපාධිධාරීන්ට වුවද මේ අවස්ථා හිමිකරගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.
රැකියා සඳහා විගමනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි. වාර්ෂිකව ලක්ෂ 02 ක් පමණ විදේශ රැකියා සඳහා යන අතර කොවිඩ් වසංගතය නිසා මේ වසරේ එම පිරිස 40,000කට සීමාවී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණ. කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් පිටරට ගුවන් තොටුපල හා ගුවන් අවකාශය විවෘත කළ වහාම පුහුණු ශ්‍රමිකයන් වැඩි සංඛ්‍යාවක් පිටරටවල සේවයට යොමු කිරිම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා දැනුම ලබාදීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථානයක 17 ක පංති ආරම්භ කර ඇතැයි සඳහන් කෙරිණ.
රැකියා ගිවිසුම් අවසන් වුවද කොවිඩ් 19 නිසා සියරට පැමිණිය නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන්නේය.
විදේශ ශ්‍රමිකයින් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකු, ශ්‍රමිකයාගේ පැත්තේ සිට කටයුතු කළ යුතුය. වඩා ආකර්ශණිය සහ නිර්මාණශිලී වැඩසටහන් හඳුන්වාදීම මගින් එය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ කීය. විදේශගත ශ්‍රමිකයින් සියරට එවන විදේශ විනිමය ඔවුන්ගේ නිවසටම ගෙන ගොස් භාරදීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කළ හැකි බව පැවසූ බැසිල් රාජපක්ෂ එමගින් ඔන්ඩියල් වැනි අවිධිමත් ලෙස සිදුවන මුදල් සංසරණය වළක්වා ගත හැකි බව පෙන්වා දුන්නේය.
ශ්‍රමිකයින් විදෙස්ගත කරන රැකියා නියෝජිතායතන වඩාත් වගකීමෙන් කටයුතු කළයුතුය. ශ්‍රමිකයන්ට විදේශන්හි දී සිදුවන හිරිහැරවලදි මේ ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්රමුඛ අපේක්ෂාව විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
popular news
-
samson de silva Wednesday, 07 October 2020 09:26 AM
Ithaamath buddhimath wada piliwelak. Oya hama ratakama wadima illuma thiyenne ganikaawanta (gahanu saha pirimi dekatama). Eka ganath kalpanaa karalaa, kastiyakata puhunuwak dunnoth hondayi. Eeta amatharawa ara Bandulage kansaa wawalaa apanayanaya karana eka saha lokaye onema ratakin kalu salli genwaaganna eka. Mey tika keruwama hondatama athi apita lokaye number 1 aarthikaya goda nagaaganna. Balaapallaa borunam!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

