දසහැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව පැවසෙන චීවරධාරියෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ දරුවා පැවිදි වීම සඳහා සැකකාර චීවරධාරියාගේ විහාරස්ථානයේ සතියක පමණ කාලයක් නතරව සිට ඇති අතර, එහිදී සැකකාර චීවරධාරියා විසින් දරුවා අපයෝජනය කිරීමෙන් පසු ඔහු සිය නිවසට ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ අදාළ දරුවා දෙමවුපියන්ට කරුණු හෙළි කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් මීරීගම පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දරුවා මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගම්පහ දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
මීරිගම කාන්ති
