පියුමි ගිය බස් රථය හැරෙව්ව බවට පුවත අසත්‍යයි
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන්දින සාදයට එක්වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට යොමුකළ අවස්ථාවේදි ඔවුන් රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කළ බවට පළවන පුවත් අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමන් පවසයි.
පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය
•2021.06.02 දින සන්ධ්‍යා කාලයේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා හට මංජු ශ්‍රී නැමති නීතිඥ මහතා කතා කොට ඔහුගේ සේවාදායකයින් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් පවසන ලදී. ඉන්පසු යම් කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමා පියුමි හංසමාලී නැමැත්තිය බවත් තමා ඇතුළු කණ්ඩායමක් තමන් ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ලට රැගෙන යන බවත් සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, පොලිසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
•ඉන් අනතුරුව චන්දිමාල් ජයසිංහ නැමැති අයද දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඉහත ඉල්ලීම සනාථ කරමින් ආයාචනයක් කර ඇත.
•ඉන්පසු ඇමතිතුමා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස්රථයේම සිටියදී අදාල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ගෙනත් දීමට අවසථාවක් සළසා අදාල බස්රථය නිරෝධායන නියෝගය පරිදි බදුල්ල පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇත.
•මෙහිදී කිසිදු අවස්ථාවක මෙම බස්රථය ආපසු හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස හෝ ඇමතිතුමා විසින් කිසිම උපදෙසක් / නියෝගයක් ලබාදී නොමැති අතර, ශ්‍රී ලංකා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලා ඉහත පරිදි අවශ්‍ය උපදෙස් දීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් ලබා දී නොමැති බව අවධාරණය කරමි.
•මෙම සිදුවීමේදී පමනක් නොව මහජනතාව විසින් පොලීසිය සම්බන්ධව ඉදිරිපත් කරන විවිධ ප්‍රශ්ණවලදී ගරු අමාත්‍යවරයා විසින් මහජනතාවට සවන් දෙමින්, මැදිහත්වෙමින් ක්‍රියාකර ඇත.

popular news
-
sg Friday, 04 June 2021 09:24 PM
Me amathiwarayath gaththa gaman na ganna awastha keepyak dakka...
Reply : 0 0
Harsha Friday, 04 June 2021 11:44 PM
Nithya apata witharai naduth hamuduruwange hanshamalith hamuduruwange phath thenen yai gala jale .sancharana sima thiyeddi mun kohomada hotel akata awe
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

