පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවාසිටි අලි අධිකරණ නියෝගයකින් හිමිකරුවන්ට
අධිකරණ නියෝග අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත නැවතත් ඒ සතුන්ගේ හිමිකරුවන්ට ලබා දිමට ක්‍රියා කෙරුණා.
පසුගිය රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුව එක්ව ඇතැමුන් නීති විරෝධිව රදවාගෙන සිටි අලි ඇතුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත්තා.
එම අලි ඇතුන් උඩවලව ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවා තැබීමටයි පියවර ගැණුනේ.
වසර පහක පමණ කාලයක් මෙසේ රදවාගෙන සිටි අලි ඇතුන්ට ආහාර පාන සැපයීම මෙන්ම සෞඛ්‍ය පහසුකම් සැලසීම එම ආයතන මගින් සිදු කළා.
දිනකට එක් අලියෙකු සදහා රුපියල් 15000 ක පමණ මුදලක් වැය කෙරෙනවා. මෙසේ අලි ඇතුන් නඩත්තුව සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බැවින් එම සතුන් මුල් අයිතිකරුවන්ටම ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළා. ඒ අනුවයි පින්නවල රදවාගෙන සිටි අලි ඇතුන් දා හත් දෙනෙකු අතුරින් හත් දෙනෙකු අයිතිකරුවන් වෙත මුදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේම සිදු කෙරුණේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

