පැය කිහියක් තුළ ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීම හේතුවෙන් එම සමාගමේ හිමිකරු මාක් සකර්බර්ග්ගේ වත්කම් ඩොලර් බිලියන 7කට ආසන්න සංඛ්‍යාවකින් පහළ වැටී තිබේ.
පැය 6කට ආසන්න කාලයක් ලොව පුරා රටවල් කිහිපයක මෙම බිඳවැටිම තිබුණි.
මේ අනුව සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වාද පහත වැටුණි.
සැප්තැම්බර් මාසයේ සිට ෆෙස්බුක්හි කොටස් සියයට 15කින් පමණ පහත වැටීම සකර්බර්ග් ධනවතුගෙන් ලැයිස්තුවේ පහළ බැසිමට හේතුවක් බවටද පත්ව තිබේ.
සැප්තැම්බර් මස සිට සකර්බර්ගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 140 සිට ඩොලර් බිලියන 120ක් දක්වා අඩුවි තිබේ.